සෙවනගල සීනි කර්මාන්තශාලාවේ ධාරිතාවය පුළුල් කිරිමේ ව්‍යාපෘතියක් සදහා රුපියල් විසිකෝටි දාහත්ලක්ෂ, අසුදෙදහස්, හාරසිය තිස්තුනක් වටිනා (201,782,433) යන්ත්‍ර ආනයනය කොට ඇතත් මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ අගෝස්තු මස වනවිටද ආරම්භකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
එම යන්ත්‍රවල වගකිම් කාලය ද මේ වනවිට ඉකුත් වි තිබේ. මෙකි යන්ත්‍ර ආනයනය කිරිමේ ක්‍රියාවලියේ දුර්වලතා හේතුවෙන් රුපියල් තිස්හයලක්ෂ,විසිදෙදහස්පහක මුදලක් (3,622,005) ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවා තිබුණි. එමෙන්ම මෙකි ව්‍යාපෘතිය සදහා ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය කිරිමකින් තොරව රුපියල් හැත්තැහත්ලක්ෂ, විසිතුන්දහස්,පනස්අටක (7,723,058) යන්ත්‍රයක් ද ආනයනය කොට තිබුණි. මෙම යන්ත්‍රය සවිකිරිම සදහා ඉන්දියාවේ සිට පැමිණි සැපයුම්කරුවන්ගේ සේවකයින් වෙත ආහාරපාන හා ප්‍රවාහන පහසුකම් ලබාදිම සදහා රුපියල් විසිඅටලක්ෂ,විසිහතරදහස්,හත්සියහතරක (2,824,704) මුදලක් වැයකොට තිබුණි.
මේ සම්බන්දයෙන් පරික්ෂණයක් පවත්වා ඇති අතර ඒ සම්බන්ද වාර්තාව කඩනමින් ලබාදිමට කටයුතු කරණ බවට සීනි සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
Leave a Reply