විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳ අවසන් තීරණය මෙම මාසය අවසන් වීමට පෙර ලබාදෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

යෝජනාව සම්බන්ධ මහජන අදහස් විමසීම අදින් අවසන් වෙයි. අද දිනයේ බස්නාහිර පළාතට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කරනුලැබීය.

මේ වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා විදුලි ගාස්තුව 13.56% කින් ඉහළ දැමීම සඳහා පෙර පැවති ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

0 comments

Leave a Reply

Post Comment