සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපොළෙන් 06/05 දින අලුයම 01.45 ට පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ.- 320 එයාර් බස් ගුවන් යානය , ගුවන් මගීන් 93 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යන අතරතුර දී මෙසේ කාර්මික දෝශයකට ලක් වී තිබේ .

එහිදී මෙඩාන් ගුවන් තොටුපොළ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගෙන් ගුවන් යානය අලුත්වැඩියා කර ගැනීම සදහා විමසීමක් සිදු කර තිබූ අතර මේ සදහා විශාල කාළයක් තමන්ට වැය වන බව පවසා අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ .

ඉන් අනතුරුව ගුවන් යානයෙන් මගීන් බස්සවා ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට මෙඩාන් ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණි.

එමෙන්ම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයක් හරහා මගීන් පිරිස සිංගප්පූරුව වෙත රැගෙන යාමට , එම ගුවන් තොටුපොළ බලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණි .

මෙවන් පසුබිමක් යටතේශ්‍රී ලංකා රජය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දුනීසියා රජය සමග රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර ගුවන් මගීන් පිරිස මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

මේ වනවිට 06/06 දින පස්වරු 01.45 ට තවත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , කාර්මික දෝශයකට ලක් වී ඇති ගුවන් යානය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් රැගෙන ගුවන් යානා ඉංජිනේරුවරුන් පිරිසක් ද සමග මෙඩාන් ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතය . 

මෙම නව ගුවන් යානය මගින් දැනට මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් තුළ රැදී සිටින ගුවන් මගීන් පිරිස ද සිංගප්පූරුව වෙත රැගෙන යාමට නියමිතය 

0 comments

Leave a Reply

Post Comment