දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා වෛද්‍ය උපදෙස් මත තාවකාලිකව ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු ක්‍රියාකාරි දේශපාලන කටයුතු වලින් ඉවත් ව ඇතත් පක්ෂ නායකත්වයෙන් හෝ එම පක්ෂයේ නායකත්වයේ වැඩ බැලීමට හෝ කිසිවෙකු මේ දක්වා පත්කර නොමැති බවද සඳහන්.

මේ අනුව සම්පන්දන් මහතා දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්චා හා අමුත්තන් හමුවීම යනාදි කටයුතු වලින් තාවකාලිකව ඉවත්වනු ඇති බවද වාර්තා වෙයි.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තේරි පත්වූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මුලින්ම පත් ව ඇත්තේ 1977 වර්ශයේදීයි.

0 comments

Leave a Reply

Post Comment