වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මුරකරු ඝාතනය කොට එහි තිබූ වටිනා භාණ්ඩ මංකොල්ලකා නිවසේ නවතා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා වටිනා කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් කින් පලා ගොස් ඇති සැකකරුවන් එම වෑන් රථය මහනුවර පේරාදෙණිය පාරේ කැන්ඩි කොන්වන්ට් බාලිකා පාසල ඉදිරිපිට දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම වෑන් රථය තුළ තිබී පිහි දෙකක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ කීපයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම වෑන් රථයේ පැමිණි සැකකරුවන් දෙදෙනෙකු වෑන් රථය එහි නවතා යතුරුපැදියකින් පලා යන අයුරු ආවේක්ෂණ කැමරා පද්ධතිවල සටහන් වී ඇති බව පොලිසිය කියයි.

මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු විමර්ශන කණ්ඩායමක් සිද්ධිය සිද්ධියෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

0 comments

Leave a Reply

Post Comment