පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිළධාරියෙකු පැවසීය.
දෙපාර්ෂවය අතර සාකච්ඡා වට කිහිපයක් පැවති බවත්, එම සාකච්ඡාව අනුව නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා බලය පිහිටු වීමට තම පක්ෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා තේරි පත් වූ සභිකයන්ගේ සහයෝගය ලබා දෙන බවයි ඔහු කියා සිටියේ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක සභාපතිධූරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත් උප සභාපති ධූරය ජාතික ජන බලවේගයට ලබා දීමට එකගතාවය පළ කර ඇති බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභා 04කට පත් කරන ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් නවක අය පත් කිරිම කෙරෙහි තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බවද එම නිළධාරියා වැඩි දුරටත් පැවසීය.
Leave a Reply