විදුලි වාහන 800කට අධික ප්‍රමාණයක්ද ඇතුළුව මෝටර් වාහන 3,000 කට අධික ප්‍රමාණයක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමත් සමගින් එහි කාර්ය මණ්ඩලය ජ‍ීවිත තර්ජනයකින් තොරව බේරා ගැනීමෙන් අතුරුව නෞකාව සාගරයේ අත්හැර දමා තිබේ.

ඇලස්කාවේ වෙරළට ඔබ්බෙන් වූ ප්‍ර දේශයේ ගමන් කරමින් සිටියදී නෞකාව ගිනි ගැනිමට ලක්ව ඇති බව නැව් පරිපාරිතය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නෞකා කාර්ය මණ්ඩලය මුලින්ම ගින්න නිවා දැමීමට උත්සාහ කළත් එය අපොහොසත් වීමෙන් පසු කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනා තවත් නෞකාවක් භාවිතයෙන් ආරක්ෂිතව නෞකාවෙන්  ඉවත් කර ගෙන තිබේ.

ලයිබීරියාවේ ධජය සහිත නෞකාව මැයි 26 වන දින චීනයේ යන්තයි වරායෙන් පිටත් වී මෙක්සිකෝවේ ලාසාරෝ කාර්ඩනාස් වෙත යමින් සිටි බව වාර්තා වෙයි.

විදුලි වාහන පිරවූ තට්ටුවකින් දුම නැඟී එන ආකාරය මුලින් දැකගත හැකි වූ බව සමාගම පැවසීය. නෞකාව රැගෙන ගියේ කුමන වෙළඳ නාමයේ වාහනද යන්න පැහැදිලි නැත.
ගින්න පාලනය කිරිම වෙනුවෙන් ගුවන් කාර්ය මණ්ලයක් හා කටාර් නෞකාවක් යොදවා තිබේ.

0 comments

Leave a Reply

Post Comment