ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය ඇය ගමන් බිමන් යන මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සදහා හැටන් නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසළ වාහන පෝලිමේ රැදී සිටිමින් ඉන්ධන ලබා ගන්නා අයුරු කැමරාවේ (18) දින සටහන් විය.

සිය වාහනයට ඉන්ධන ලබා ගන්නා තෙක් මාධ්‍යට අදහස් දක්වමින් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මන්ත්‍රීවරිය කියා සිටියේ තමන් විනාඩි 30ක පමණ කාලයක් ඉන්ධන ලබා ගැනිමට පොලිමේ රැදී සිටි බවයි.

ඉන්ධන අර්බුදය ලෝකයේ රටවල් කිහිපයකටම පවතින බවත්, සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම මේ රටේ ඉන්ධණ සහ ගෑස් හිගයට විසදුම් ලබා දීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ රජය කටයුතු කරමින් සිටින බවයි.

 

0 comments

Leave a Reply

Post Comment