පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා තේරී පත්විය. ඒ එම කාරක සභාව ඊයේ (05) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
සභාපතිවරයා ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා විසින් එය ස්ථිර කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා තමන්ව සභාපතිවරයා ලෙස තෝරාපත්කර ගැනීම පිළිබඳව ස්තූතිය පළකළේය. ලෝක පරිසර දිනය යෙදී තිබූ ඊයේ දිනයේ කාරක සභාවට අදහස් දැක්වූ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම උදෙසා ජාත්‍යන්තර සහයෝගයද ඇතිව ගත හැකි උපරිම ක්‍රියාමර්ග ගැනීමට අපේක්ෂා කරන බව පැවසුවේය
තවද කෘෂිකර්මාන්තය තවදුරටත් නගාසිටුවීමට අදාළ යහපත් ක්‍රියාමාර්ග මෙම කාරක සභාව ඔස්සේ ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ වෙනුවෙන් සියලුම පාර්ශ්ව වල සහාය අපේක්ෂා කරන බවත් පැවසුවේය. මෙම කාරක සභාව ඔස්සේ රට නිවැරදි දිශානතියක් කරා රැගෙන යාමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
Leave a Reply