2026.01.28 දින රාත්‍රී කාලයේ මාවතගම පොලිස් වසමේ කහපත්වල කැබිලිතිගොඩ පුරාන රජමාහා විහාරයේ ස්වාමින්වහන්සේලා වැඩවසන ආවාසයෙහි තුල තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාකවක් පැහැරගෙන ගිය බවට මාවතගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
 
එදින (28) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බව පවසමින් පුද්ගලයින් සිව්දෙනෙකු විහරස්ථානයට පැමිණ එහි ආවාසයෙහි තුල තැන්පත් කර තිබූ අඩි 1 1/2 පමණ වූ රන් පැහැති බුද්ධ ප්‍රතිමාව විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය බව පවසමින් ස්වාමින්වහන්සේලාගෙන් ලබාගෙන එය පැහැරගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
 
මේ සම්බන්ධ විමර්ශන සිදුකර මාවතගම පොලිසිය විසින් සිද්ධියට අදාල සැකකරුවන් 14 දෙනෙකු 2026.01.31 දින අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැරගන්නා ලද පිළිමවහන්සේ සහ අපරාධය සඳහා යොදාගත් වෑන් රථ දෙකක් පොලිසිය විසින් භාරයට ගෙන ඇත.
 
සැකකරුවන් අවුරුදු 22 හා 56 වයස්වල පසුවන මිනීගමුව, තෙල්දෙණිය, මොණරාගල, මතුගම, මාතලේ හා රිදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
 
සැකකරුවන් 2026.01.31 දින පිළැස්ස ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.02.13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මාවතගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 

0 comments

Leave a Reply

Post Comment