"පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ. පක්ෂයක් පාලනය කරපු විදිහට මම හිතන්නේ නෑ රටක් පාලනය කරන්න පුලුවන් කියලා. එදා වේදිකාවේ කියපු දේවල් අද ඉෂ්ඨ කරන්න බෑ, මේ ගොල්ල කැමති නෑ තව කෙනෙක් කියන එකක් පිළිගන්න" යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ අද (01) පෙරවරුවේ කැඳවු මාධ්‍ය හමුවකදීය.
"ජනාධිපතිතුමන්ට දැඩි අවශ්‍යතාවක් තියෙනවා රටට යමක් කරන්න,මම දැක්ක දේ. මේ ගොල්ලන්ට තියෙනවා ප්‍රායෝගිකව අත්දැකීම් නොමැතිකම, ඒ වගේම යම් කරුණක් පැහැදිළි කළාම අවබෝධයක් ගන්න නොහැකිකම, ඒ වගේම අනෙක් එක තමයි පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ.
ඒ පක්ෂයක් පාලනය කරපු විදිහට මම හිතන්නේ නෑ රටක් පාලනය කරන්න පුලුවන් කියලා.එදා වේදිකාවේ කියපු දේවල් අද ඉෂ්ඨ කරන්න බෑ, ඇත්ත කථාව ඒක, නමුත් ජනතාවත් එක්ක වැඩ කරන කොට නිර්මාණශීලීව ජනතාවට දැනෙන විදිහට අවබෝධයක් ලබා ගෙන කටයුතු කරන්න ඕන, මේ ගොල්ල කැමති නෑ තව කෙනෙක් කියන එකක් පිළිගන්න, එහෙම එකකුත් තියෙනවා මට පෞද්ගලිකව පේන දේ, මේ අය තවම මාස කීපයයි, මේ අයට තව කාළයක් දිය යුතුයි මේක කරනවාද නැද්ද කියලා විවේචන කරන්න කලින් අවස්ථාව ලබා දිය යුතුයි.මම ඉල්ලීමක් කරනවා ටිල්වින් සිල්වා සහෝදරයාගෙන් කරුණා කරලා මේ ක්‍රමය වෙනස් කරන්න,
මේ ක්‍රමය වෙනස් කරලා රටට ගැලපෙන තීන්දු තීරණ ගන්න, සමහර අමාත්‍යංශ වලට ගියහම අපිට දැනෙනවා ඒ අමාත්‍යංශ තුළ යමක් කරන්න පුලුවන් බොහෝම සීමාසහිතයි.ඉස්සර එහෙම තිබුණේ නෑ, මේ වැඩපිළිවෙල හොඳයි, නමුත් රටට අවශ්‍යය දේ තීන්දු ඒ විෂය පතය භාර ඇමතිවරයාට, නියෝජ්‍යය ඇමතිවරයාට, ඒ නිළධාරීන්ට තිබිය යුතුයි කියලායි මම අදහස් කරන්නේ, ඒ නිසා ඒ පිළිබඳවත් ආණ්ඩුව හිතනවා නම් කල්පනා කරනවා නම් ,මේ ක්‍රමයට අපිට යන්න බෑ කියලා වැරදි තියෙනවා නම් ඒවා පැහැදිලි කර ගෙන අවබෝධ කර ගෙන කටයුතු කරන්න පුලුවන් නම් හොඳ ගමනක් මේ ආණ්ඩුවට යන්න පුලුවන්" යැයි පැවසුහ.
Leave a Reply