ආරක්ෂක අංශ ලබා දෙන බුද්ධි වාර්තා පදනම් කර ගනිමින් මෙවර දෙවිනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ සය වැනි පෙරහැරට කාවඩි කණ්ඩායම් 20 ක් පමණක් සහභාගී කරවීමට තීරණය කල බව එම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංක මහතා පැවසීය.
768 වැනි ඇසල පෙරහැර මංගල්‍යය පිළිබඳව මාධ්‍යය දැනුවත් කිරීම සදහා කැදවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු ඒ බව කීය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වු පෙරහැර සංවිධායක කමිටුව හා රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡාවක දී මෙවර පෙරහැර සදහා කාවඩි කණ්ඩායම් සහභාගී නොකර ගැනීමටත් පදික වේදීකාවේ ඉඩ වෙන් කර තැබීම් තහනම් කිරීමටත් මීට පූර තීරණයක් ගෙන තිබුණි.
කෙසේ වෙතත් කාවඩි කණ්ඩායම් සහභාගී කර නොගැනීමේ තීරණයට දෙවිනුවර ප්‍රදේශයේ ධීවර ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල විය.
ඒ අනුව කාවඩි කණ්ඩායම් නායකයින් හා බස්නායක නිලමේවරයා සමග මේ වන වීට සාකච්ඡා වට කිහීපයක් පවත්වන ලදි.
දෙවිනුවර පදිංචිකරුවන්ට පමණක් කාවඩි ඉදිරිපත් කිරීමටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තොර විය යුතු බවටත් විනයට මුල්තැන දිය යුතු බවටත් එම සාකච්ඡා වලදී එකගතාවයට එලැඹ ඇත.
තවද නිලමේවරයා වීසින් කාවඩි කණ්ඩායම් 20 කට පමණක් අවස්ථාව දීමට එකග වුවද කාවඩි කණ්ඩායම් 50 කට අවස්ථාව දෙන ලෙසට ඒවායෙහි නායකයින් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් දෙවිනුවර ප්‍රදේශයේ පසුගිය කාලයේ පැවති පාතාල කල්ලි අතර ගැටූම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ආරක්ෂක අංශ ලබා දෙන බුද්ධි වාර්තා සැලකිල්ලට ගෙන කාවඩි කණ්ඩායම් 20 කට අවස්ථාව ලබා දීමට මේ වන වීට තීරණය කර ඇති බවත් ඒ අනුව දෙවිනුවර පදිංචි අටසීයක පිරිසකට අවස්ථාව හිමි වන බවත් නිලමේවරයා කීය.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය ජුලි 25 වැනි දින කප් සිටුවා ආරම්භ කර අගෝස්තු මස 17 වැනීදා දේව දානයෙන් අවසන් කිරීම සදහා සියලු කටයුතු සූදානම් කර තිබෙන බව බස්නායක නිලමේ තිලිණ මධුශංක මහතා වැඩිදුරටත් කීවේය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
Leave a Reply