මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වූ අංක 758 දරණ දුම්රියේ ගැටී අඹුසැමි යුවලක් අවසනාවන්ත ලෙස එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
ඊයේ ප.ව.5.12 ට පමණ දෙහිවල දුම්රියපල අසල වැල්ලවත්ත දෙසට වන්නට දුම්රියපල මාර්ගය හරහා යන අතුරු මාර්ගයකින් වෙරල දෙසට.දුමිරිය මාර්ගයේ මාරුවීමට ගිය සැමියා සහ බිරිද මෙසේ දුම්රියේ ගැටී මියගොස තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, බදුලුපිටිය, අංක 186/ සී පදිංචිව සිටින සම්සුදීන් නිසර්දීන් (58) වියැති සැමියා වන අතර ,බදුල්ල, දෙයියන්වෙල අංක 42/10 පදිංචව සිටි ජිනත්තම්මා නිසර්දීන් (59) වියැති බිරිදද වන බවත් පොලීසිය කියයි.
දෙහිවල ධර්මපාල
Leave a Reply