කිලෝ ග්‍රෑම් 69,000 ක් බරැති ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් 12/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම ගුවන් යානය තුළ කූඩාරම්, ආහාර පිසීම සදහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට , ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල  ආපදා ආධාර තොගයක් තිබුණි.

මේවා රැගත් බෝයිං - 747 - 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය 12/17 දින අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් ( Sarah Hasselbarth ) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් ( Pierre Tripon ) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

0 comments

Leave a Reply

Post Comment