ශ්‍රී ලංකාවේ රූ ගත කෙරෙන පේට්‍රියට් සිනමා පටයේ දින 03 ක රූ ගත කිරීම් සදහා ඉන්දීය ජනප්‍රිය සිනමා නළු මෝගන්ලාල් විශ්වනාතන් සහ තවත් ඉන්දීය නළු කන්චකෝ බාබන් අද 06/15 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම සිනමා නිර්මාණයඉන්දියාවේ භාෂා 08 කින් (Pan India ) තිරගත කිරීමට නියමිතය. මොවුන් දෙදෙනා 06/15 දින දහවල් 11.20 ට ඉන්දියාවේ කොචින් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 166 දරන ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශයේ සංචාරයක ප්‍රවර්ධනය සදහා විදේශීය චිත්‍රපට අංශයේනිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

0 comments

Leave a Reply

Post Comment