2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝා නතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනුකර ඇතිූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීරණය කළේය.
අභියාචනාධිකරණය තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනුකර ඇතිූ විශේෂ අභියාචන පෙත්සම ලබන වර්ෂයේ පෙබරවාරි 13 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා” ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම විශේෂ අභියාවත පෙත්සම සලකා බැලිණී.
2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයේ පැවැත්වු නඩු විභාගයකින් අනතුරුව එම නඩුවේ විත්තිකරුවන් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන නමැත්තන්ට මරණ දඬුවම නියම කළ අතර එම මරණ දඬුවමට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාගකින් අනතුරුව ඔවුන් අදාළ දඬුවම් වලින් නිදොස් කොට නිදහස් කෙරිණී.
මහාධිකරණය මගින් නියම කළ මරණ දඬුවම අහෝසි කරමින් අභියාචනාධිකරණයෙන් නිකුත් කළ නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා නීතීපතිවරයා විසින් මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ 2015 වර්ෂයේ ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තාට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලූ විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණී.
එම නඩුවේ තීන්දුව 2020 ජූලි 31 වැනිදා ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව තීරණය කළ රත්නපුර මහාධිකරණය ඔවුන්ට මරණ දඩුවම නියම කළේය.
රත්නපුර මහාධිකරණ තීන්දුව දෝෂ සහිත බැවින් එය බලරහිත කරන්නැයි ඉල්ලා මරණ දඩුවම නියමවු ප්‍රේමලාල් ජයසේකර, නිලන්ත ජයසිංහ, සහ වජිර දර්ශන නමැත්තන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණ තීන්දුව බල රහිත කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කළේය.
අභියාචනාධිකරණය තීන්දුවෙන් අගතියට පත්වු පාර්ශවකරුවන් මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
එම විශේෂ අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු දක්වමින් ස්වාධීන මනසකින් යුතුව කටයුතු නොකළ අභියාචනාධිකරණය විනිසුරුරුවන් මෙම පෙත්සමට පාදක සිද්ධිය සම්බන්ධයෙන් වැරදි සහගත තීන්දුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි කීය”
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් විත්තිකරුවන් මෙම අපරාධය කර ඇති බව මහාධිකරණය තීරණය කර ඇතැයි පැවසීය.
දුමින්ද සිල්වා නඩු තීන්දුව අනුව මෙම විත්තිකරුවන් තිදෙනා අදාළ මිනීමැරුම සඳහා ආධාර කළ සහ ඊට සහයෝගය දුන් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වශයෙන් කටයුතු කර ඇති බවත් එම තත්වය සැළකිල්ලට ගෙන ඔවුන්ට මරණ දඬුවම් දීම නීතියට එකඟ බවත් දුමින්ද සිල්වා නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම තත්වය අනුමත කර ඇති බවත් ජනක බණ්ඩාර මහතා පැවසීය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් දෙවැනි සහ තුන්වැනි වගඋත්තරකරුවන් නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කළ බවට කිසිදු සාක්කියක් නැති බවත් මහාධිකරණය මේ සම්බන්ධ තීන්දුවට එළැඹ ඇත්තේ විඩියෝ සාක්කියක් පදනම් කරගෙන බවත් පැවසීය”
එම තත්වය සාක්කි අඥා පනතට පටහැනි බවත් හැඳලවත්ත නමැති සාක්කිකරුගේ සාක්ෂිය කිසිදු ආකාරයකින් පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා වැඩිදුරටත් පැවසීය.
කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය.නීතීපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ කනිල් මද්දුමාගේ මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන නලීන් ලද්දුවහෙට්ටි සහ අනූජ ප්‍රේමරත්න යන මහත්වරු පෙනී සිටියහ.
Leave a Reply