අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (6) අධි චෝදනා භාර දුන්නේය.

හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇත්තේ අල්ලස් පනතේ 'දූෂණය' නම් වරද යටතේය.

චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී නිත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර එච්. එම්. චන්ද්‍රවංශ නමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත්කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් ඇයට අධිචෝදනා භාරදීම සිදුවිය.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරිය රුපියල් ලක්ෂ 10  බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

 

0 comments

Leave a Reply

Post Comment