කොළඹ මහ නගර සභාව වෙනුවෙන් නගරාධිපතයෙක් තෝරා ගැනීම වෙනුවෙන් රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය විය. කොළඹ මහ නගර සභාවේ මංගල සැසිවාරය අද දිනයේදී ආරම්භ විය. එය ආරම්භයේ සිටම දැඩි උණුසුම් ස්වාභාවයක් ගනු ලැබිණ.

පසුගිය  පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් වූ කිසිම පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි විය.

කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා කර ඇති අතර, ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා කර තිබේ.

රහස් ඡන්දය පැවැත්වීම වෙනුවෙන් සියලුම මන්ත්‍රීරුන් ඒකමතිකව තීරණය කරනු ලැබීය. කොළඹ  නගරයේ 26 වැනි පුරපති අද දිනයේදී තෝරා පත් කර ගැනිමට නියමිතය.

0 comments

Leave a Reply

Post Comment