කොළඹ නගර සභාවේ 26 වැනි පුරපති ලෙස ජාතික ජන බල වේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය රහස් ඡන්දයෙන් තේරී පත්විය.

කොළඹ නගර සභාවේ සභිකයන් 119කගෙන් සභිකයන් 117ක් ඡන්දය ප්‍රකාශ කළේය. ඒ අතරින් ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප විය. ව්‍රායි කැරී බල්තසාර් ඡන්ද 61ක් ලබා ගනිද්දී සමගි ජන බලවේගයේ රීසා ශාරුක් මහතා ඡන්ද 54ක් ලබාගත්තේය. ඒ අනුව වැඩි ඡන්ද 7කින් බල්තසාර් මහත්මිය කොළඹ පුරපතිනිය ලෙස තේරී පත්වූවාය.

කොළඹ උපරානගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා යෝජනා ස්ථිරත්වයෙන් තේරා පත් කර ගැණින. 

 

0 comments

Leave a Reply

Post Comment