කලුබෝවිල රෝහල ඉදිරිපිට පන්සල පාර පිහිටි ප්‍රධාන ව්‍යාපාරික නිවසකට (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි කොහුවල පොලීසිය කියයි.
මෙම වෙඩි ප්‍රහාරය එදින අලුයම් කාලයේ සිදුවී ඇති අතර ,ඒ සදහා මුහුණු ආවරණ කරගත් පුද්ගලයින් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ මෙම.වෙඩි ප්‍රහාරය එල්ල කර එම යතුරු පැදිවලින්ම පලාගොස් ඇතැයිද පොලීසිය කියයි.
සිදුකල මූලික විමර්ශන වලට අනුව මෙම ප්‍රහාරය මුදල් ආරවුලක් මත සිදුකර ඇති බවටත් ,පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවටත් අනාවරණයවී ඇතැයිද පොලීසිය කියයි .
පලාගිය සැකකරුවන් සොයා කොහුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයකුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කස්තුරිසිංහ මහතා ඇතුලු කණ්ඩායමක් විසින් සිදුකරගන යනුද ලබයි .
දෙහිවල- එච්.එම්.ධර්මපාල
Leave a Reply