සේවක අර්ථසාධක අරමුදල යටතේ පවතින සේවාවන් ලබා ගැනීමට බදාදා දින වේලාවන් වෙන් කර ඇති පුද්ගලයන්ට ඉදිරි වැඩකරන දින 4කදී එම සේවාවන් ලබා ගැනීමට පහසුකම් සළසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව බ්‍රහස්පතින්දා, සිකුරාදා , සඳුදා සහ අඟහරුවාදා දිනයන්වලදී බදාදා දින වෙන් කර ඇති පුද්ගලයන්ට අදාළ කාර්යාලයෙන් තම සේවා අවශ්‍යතාවයන් ඉටු කර ගත හැකි වේ.
සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ ලබා ගැනීම , සියයට තිහ ප්රතිලාභ ලබා ගැනීම, මියගිය සාමාජික ප්රතිලාභ ලබාගැනීම සහ AH ලියාපදිංචිය යන සේවාවන් එම දිනවල ලබා ගත හැකි බවද ඒම නිවේදනයේ සඳහන් වේ.
රජය ගෙන ඇති තීරණයට අනුව නැවත දැනුම් දෙන තෙක් බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් කම්කරු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.
Leave a Reply