ඉන්දියාවේ අහමදාබාද්හි පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ ගුවන් අනතුර සිදු වූ ස්ථානයෙන් මළ සිරුරු 270 ක් සොයා ගත් බව ඉන්දියාවේ වෛද්‍යවරු පවසති.
ලන්ඩන් බලා පිටත් වූ ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු නේවාසික ප්‍රදේශයකට කඩා වැටීමෙන් මගීන් සහ
කාර්ය මණ්ඩල සාමාජිකයින් 241 ජීවිතක්ෂය පත්ව තිබුණ අතර ගුවන් යානයේ ගමන් ගත් ඒක් අයෙක් දිවි බේරා ගත්තේය.
මීට අමතරව ගුවන් යානය කඩා වැටුණ ආසන්න ප්‍රදේශය තුළ සිටි තවත් 29ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කඩා වැටුණු භූමියේදී කොපමණ පිරිසක් මිය ගොස් ඇත්දැයි තහවුරු කිරීමට නිලධාරීන් තවදුරටත් උත්සාහ කරමසින් සිටියි. මිය ගිය පුද්ගලයන් ඳහුනා ගැනීම වෙනුවෙන් මේ වන විට ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරමින් පවතී.
Leave a Reply