දැනට වසා තිබෙන ඌව පළාතේ සියලුම පාසල් මෙම 29දා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසයි.

ගංවතුර නායයාම් හෝ කුමන ආකාරයක හෝ ආපදාවක්, බලපෑමට ලක්ව ඇති පාසල් ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් විවෘත කරන බවත්  ඇතැම් පාසල්වල තවමත් සහන කඳවුරු ක්‍රියාත්මක බවත් කළුවැව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටීය. (IJ)  

0 comments

Leave a Reply

Post Comment