දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය සැකසීමේ කටයුතු  මෙම වසර අවසන් වීමට පෙර සකස් කොට දුම්රිය ධාවනය කිරීමට  බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් උඩරට දුම්රිය මාර්ගය දැඩි ලෙස හානියට පත් වූ අතර, දුම්රිය මාර්ගයට සිදුව ඇති හානිය ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික බවට ගණනය කොට තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ හානියට පත් බොහෝ ස්ථාන මේ වනවිටත් සකස් කොට අවසන් කර ඇති බවත්, පේරාදෙණිය සිට නාවලපිටිය දක්වා වූ කොටස හා කොටගල සිට නානුඔය දක්වා කොටස මේ වනවිට කඩිනමින් සකස් කරමින් පවතින  බව දුම්රිය නිලධාරීහු පවසති.

නානුඔය සිට අඹේවෙල දක්වා මාර්ග කොටස සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත්, ඒ අනුව  තව නොබෝ දිනකින් බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකියාව ලැබෙන බව ඔවුහු කියති.
උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට හැටන් දක්වා හා අඹේවෙල සිට බදුල්ල දක්වා කොටසේ දුම්රිය ධාවනය මේ වනවිටත් සිදු කරමින් පවතී.

 

0 comments

Leave a Reply

Post Comment