උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්හයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි .

දුම්රිය මාර්ගය ගස කඩා වැටීමෙන් අවහිර වී ඇති හෙයින් කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (16) අලුයම 5.55ට ගමන් ආරම්භ කල අංක 1005 දරන පොඩි මැණිකේ දුම්රිය  දැනට බලන දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත්  ගස කපා ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සදහන් කලේය .

කෙසේ වෙතත් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසිය .

ඇල්ල ප්‍රසාද් රුක්මාල්

0 comments

Leave a Reply

Post Comment