ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් ගමන් වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන් වාර සකස් කර ගත හැකි බව ඊශ්‍රායිල් විදේශ ඇමති Gideon Sa'ar මහත් ප්‍රකාශ කළ බව ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසීය.
ඊශ්‍රායලයේ වෙසෙන තානාපතිවරුන් හා පැවතී හමුවේ දී ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කරන්නේ කවදා ද යන්න විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවත් හදිසි අවස්ථා ඇති පිරිසට ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපල හා ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපල හරහා ගොඩ බිම මාර්ගයෙන් ඊශ්‍රායලයට පැමිණීමට හා පිටවිය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට හෝ ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව බලා පිටවීමට අපේක්ෂා කරන පිරිසට එලාට් නගරය හරහා ඇති දේශ සිමාවලින් කෙටිකාලින විසා ලබාගෙන අදාළ රටවලට අතුල්විමටත් ශ්‍රී ලංකාවේ සිට අදාළ රටවල්වල කෙටිකාලින විසා ලබාගෙන් මෙම රටවල් හරහා ඊශ්‍රායලයට පැමිණීමට හැකියාව් තිබෙන බව නිමල් බණ්ඩාර මහතා පැවැසීය.
Leave a Reply