ඉරානය ඊශ්‍රායලය වෙත එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකුට සුළු තුවාල සිදුව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මේ අතරින් එක් කාන්තාවක් ටෙල් අවිව් අගනුවරට දකුණින් පිහිටි ඇය නැවතී සිටින නිවෙස ආසන්නයට එල්ල වුණූ ප්‍රහාරයකින්ද, අනෙකුත් තැනැත්තිය බට් යාම්හි පිහිටි ඇය නැවතී සිටින නිවෙස ආසන්නයට එල්ල වූ ප්‍රහාරයකින්ද මෙලෙස තුවාල ලබා තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෞද්ගලිකවම එම කාන්තාවන් දෙදෙනා හමුවී සුවදුක් විමසූ බව සිය සමාජ මාධ්‍ය ගිණූමේ ඊයේ සටහන් කර තිබුණී. මෙම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ 10 දෙනෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු අතුරුදන්ව ඇතැයිද තනාපතිවරයා පවසයි.

මේ අතර ඊශ්‍රායලයේ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය පැය 24 පුරා නිරීක්ෂණය කරමින් සිටින බවත්, ශ්‍රී ලාංකිකයන්ට සෑම විටම ආරක්ෂික කලාපවලට වී සිටින ලෙස උපදෙස් දෙන බවත් තානාපතිවරයා සඳහන් කර තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment