QR කේතයට ඉන්ධන ලබා දීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ ඉරට්ටේ  අනුව හෙට  සිට ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ් අනුව වාහනයේ ලියාපදිංචි  අංකයේ අවසාන අංකය 0,2,4,6,8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරන  බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේය. 

0 comments

Leave a Reply

Post Comment