බිළිදෙකු උපන් විගස මවගෙන් වෙන්කර රුපියල් 75,000/-ක මුදලකට විකිණීමට තැත් කළ තිදරු මවකට බරපතල වැඩ සහිත වසර 07ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකාරිය තිදරු මවක ලෙස කර ඇත්තේ මානූෂ්‍ය සංහතිය කම්පාවට පත් කරන ක්‍රියාවක් බව අද (05) අවධාරණය කළේය.
විත්තිකාරිය හා ඇගේ සැමියා එක්ව පවත්වාගෙන ගිය නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයකට පැමිණි කාන්තාවකට දරුවා ගබ්සා නොකර බිහි කිරීමෙන් පසු අලෙවි කිරීමට පොළඹවා ගෙන දරුවා ලැබී දින දෙකකින් බිළිදා අලෙවි කිරීමේදී ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අතත්අඩංගුවට ගන්නා ලද 46 හැවරිදි තිදරු මවකට මෙලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 20,000/ක දඩයකටද ඇය යටත් කෙරිණී.
විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් අදාළ චෝදනාවන්ට වරදකරු කළ සමන්තා ගීතා කුමාරී නමැති 46 හැවරිදි තිදරු මවකට මෙලෙස දඬුවම් නියම කෙරිණී.
දින දෙකක් වයසැති බිළිදෙකු මවගෙන් වෙන්කර මුදලට විකිණීමට තැත් කිරීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකාරිය ඇගේ සැමියා සමඟ එක්ව නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සිය දරුගැබ ඉවත් කරවා ගැනීම සඳහා එහි පැමිණි කාන්තාවකට දරුගැබ ගබ්සා නොකර තබාගෙන දරුවා බිහි වු පසු දරුවා අලෙවි කිරීමට පොළඹවා ගෙන ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
අදාළ කාන්තාව දරුවා බිහි කළ පසු දරුවා විකිණීමට සෙවීමේදී ඒ පිළිබඳව ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණීල්ලකට අනුව එම කාර්යංශයේ කාන්තා පොලිස් සැරයන්වරියක උපාය දූතයෙන් ලෙස යොදවා කළ වැටලීමකදී දින දෙකක් වයසැති බිළිදා රුපියල් 75,000/-ක මුදලකට විකිණීමට උත්සහ කිරීමේදී විත්තිකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව නඩු විභාගයේදී අනාවරණය වු අතර දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය.
තිදරු මවක් ලෙස විත්තිකාරිය කර ඇත්තේ මානූෂ්‍ය සංහතිය කම්පාවට පත් කරන ක්‍රියාවක් බවත් එම ක්‍රියාව ඉතා කණගාටුදායක බවත් අවධරණයය කළ විනිසුරුවරයා මෙවැනි වරදකට ලිහිල් දඬුවම් දීමේ කිසිඳු හැකියාවක් නැති බවද පෙන්වා දුන්නේය.
සෑම දරුවකුටම එක හා සමානව සමාජ ආරක්ෂාව හිමිවිය යුතු බව පෙන්වා දෙමින් වින්දිත පාර්ශවයටද සාධාරණයක් ඉටුවන ආකාරයේ දඬුවමක් නියම යුතු බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකාරියට අදාළ දඬුවම් පැණවීය.
Leave a Reply