මෙරට විරැකියා අනුපාතය 2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේ දි සියයට 4.4 දක්වා අඩුවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2023 වර්ෂයේ දි මෙරට විරැකියා අනුපාතය සියයට 4.7ක් වාර්තා වු අතර එය 2024 වර්ෂයේ දි සියයට 4.4 දක්වා අඩුවි ඇත. එමෙන්ම 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි මෙරට සේවා වියුක්ත හා සේවා නියුක්ත ජනගහනය ද අඩුවි ඇති බව මහබැංකු වාර්තාවේ සදහන් වේ.
විදේශසේවා නියුක්ති කාර්යංශයේ දත්ත වලට අනුව 2023 වර්ෂයේ දි විදේශ රැකියා සදහා දෙලක්ෂ, අනුහත්දහස්, හයසියපනස්හය දෙනෙකු (297,656) පිටත්ව ගොස් තිබුණි.
2024 වර්ෂයේ දි විදේශ රැකියා සදහා පිටත්ව ගිය සංඛ්‍යාව තුන්ලක්ෂ,දාහතරදහස්,අටසියවිසිඅට දක්වා (314,828) සියයට 5.8කින් ඉහළ ගොස් තිබුණි. විදේශ රැකියා සදහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාවෙන් සියයට 59.3ක් පිරිමි පුද්ගලයින් වන අතර සියයට 40.7ක් කාන්තාවන් බවද විදේශසේවා නියුක්ති කාර්යංශය පවසයි.
චන්දන සමරවික්‍රම
Leave a Reply