139 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අද (01දා) යෙදී තිබෙන අතර, මේ වෙනුවෙන් කොළඹ නගරය හා කොළඹින් පිටත ප්‍රදේශවල පෙළපාළි හා රැලි රැසක් පැවැත්වේ.
කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් අද (01දා) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී තිබේ.
ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය රට හදන ජනබලය පෙළ ගැසෙන මැයි රැලිය යන තේමාව යටතේ ගාලු මුවදොර පිටියේදී සවස 3.30 ට පැවැත් වෙන අතර සමගි ජන බලවේගයේ මැයි රැලිය පස්වරු 02ට තලවාකැලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම රැලියේ තේමාව වන්නේ . ‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන්නය.
‘රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම රැලිය පවස්වරු 02ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ඉන්න තැනින් ඉස්සරහට – සර්වජන සැමරුම ’ යන තේමාව යටතේ සර්වජන බලයේ මැයි දින රැලිය වරකාපොළ , සති පොළ පරිශ්‍රයේදී පෙරවරු 10.30ට පැවැත්වේ.
IMF මර උගුලට, ඉන්දියානු විජිතකරණයට එරෙහි එළියේ බලයක් යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පෙළපාළිය දවල් 12.00ට හැව්ලොක් ටවුන් BRC පිටියේ සිට හයිලෙවල් පාර ඔස්සේ කිරුලපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණය දක්වා ගමන් කෙරේ.රැලිය සවස 3.00ට එම පිටියෙහිදී පැවැත් විමට කටයුතු යොදා ඇත.
ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කරමින් කුඩා කුඩා රැස්වීම පැවැත්විමට කටයුතු කරන බව එම පක්ෂයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
ලංකා ගුරු සංගමය ඇතුළුව යාපනයේ සිවිල් සංවිධාන රැසක් එකාබද්ධ වි යාපනය බස් නැවතුම්පොළ අසල සිට පුස්තකාලය දක්වා පාගමනක් පවත්වා පුස්තකාලය අසලදී රැලියක් පැවැත් වීමට සැලසුම් කර තිබේ.
ජනසෙත පෙරමුණේ මැයි රැලිය එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම බස් නැවතුම් පළ අසලදී ප.ව.1.00ට පැවැත්වෙයි.
මීට අමතරව වෘත්තීය සමිති රැසක්ද ස්වාධීනව මැයි පෙළපාළි හා රැලි රැසක් පැවැත් වීමට කටයුතු කරයි.
මේ අනුව වෘත්තීය සමිති 09 ක් එකාබද්ධ වී කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් පාගමනක් ආරම්භ කර පී. ඩී. සිරිසේන ක්‍රිඩාංගණය දක්වා ගමන් කර එම ස්ථානයේදි රැලියක් පැවැත්විමට කටයුතු කර බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි. වතුබිම පුබුදන අයිතීන් දිනවන ශ්‍රමබලයක් තේමාව යටතේ ලංකා වතුසේවා සංගමය අවිස්සාවේල්ල නගරයේදී රැලියක් පැවැත්වීමට කටයුතු යෙදා තිබේ.
මීට අමතරව කොළඹ බාලාතම්පෝ පටු මග, ශාන්ත මයිකල් දේවස්ථානය අසල,නාරාහේන්පිට හන්දිය, හයිඩ් පිටිය, විහාර මහාදේවි එළිමහන් රංගපිඨය යන ස්ථානවලද මැයිදින රැලි පැවැත්වේ.
Leave a Reply