සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්‍ෂයකට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා දැනුම් දීමෙන් අනතුරුව ඔහුට එරෙහි නඩුව විභාග කිරීම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (04) ආරම්භ කළේය.
2013 මැයි 10 වැනිදාත් ජුනි 06 වැනිදාත් අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් 1,28,520/-ක පාඩුවක් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ප්‍රියංකර ජයරත්න මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඒ අවස්ථාවේදී විත්තිකරුට එරෙහි අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී ඔහුට කියවා තේරුම් කර දුන්නේය.
අදාළ සිය`ථ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව විත්තිකාර හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා විවෘත අධිකරණයේ පැවසීය.
අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක ප්‍රියංක ජයවීර මහතාගේ සාක්කිය සටහන් කර ගත්තේය. වැඩිදුර සාක්කි විමසීම ඔක්තෝම්බර් 14 වැනිදා පැවැත්වීමට විනිසුරුවරයා තීරණය කළේයි.
Leave a Reply