2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් , 325 දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය 05/01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියහ .
මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සදහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි , ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි( Khalid Hamoud Al Kahtani ) සහ ශ්‍රී ලංකා හජ් කමිටුවේ උසස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ .
මෙම ප්‍රථම වන්දනා ගමන සදහා සෞදියා ගුවන් සේවය විශේෂ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එස්.වී.- 839 දරන එම ගුවන් යානය 05/01 දින රාත්‍රී 09.05 ට කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියේය .
2026 වසරේ මෙම වන්දනාව සදහා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතරින් 3,500 දෙනෙකු තෝරා ගෙන ඇති අතර , ඔවුන් මෙම සෞදියා ගුවන් සේවයට අමතරව කටාර් ගුවන් සේවා යානා මගින් ද සෞදි අරාබියේ මක්කම වෙත රැගෙන යාමට නියමිතය .

Leave a Reply