සිනි කර්මාන්තශලාවල ඇති වි තිබෙන අර්බුදය විසදිමට  නම් දුඹූරු සිනි මත යොදා තිබෙන සියයට දහ අටේ (18) වැට් බද්ද කඩිනමින්  ඉවත් කළ යුතු බව ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි

සුදු සිනි කිලෝවක් රුපියල් දෙසිය විසි තුනක්  හෝ අසන්න මුදලකට සිල්ලරට අලෙවි කරමින් තිබෙන බවත් දුමුරු සිනි කිලෝවක් රුපියල් දෙසිය හැත්තැවක් හෝ ආසන්න මුදලකට අලෙවි කරමින් තිබෙන බවද එම සංගමයේ   ජාතික සංවිධායක විමල් වත්තුහේවා , සඳහන් කළේය.

දුඹුරු සිනි  මිල ඉහල අගයක් ගැනිම්  සිනි සමාගම තුළ සිනි තොග ගොඩගැසි තිබෙන බවත් මේ නිසා දුඹූරු සිනි මිල සුදු සිනි මිල මට්ටමට හෝ ඊට අඩු මිළකට අලෙවි කල යුතු බවද පැවසිය.

දුඹූරු සිනි බද්ද අඩු කිරිමට නොහැකි නම් ආණ්‍ඩුව මැදිහත් වි සිනි සමාගම් සතුව තිබෙන සිනි  තොග මිල දි ගත යුතු බවත්  සිනි අලෙවිය අඩු විම නිසා පැල්වත්ත, සෙවනගල, හිඟුරාන සහ ඇතිමලේ ප්‍රදේශවල උක් ගොවීන්ට තම අස්වැන්න සිනි කර්මාන්ත ශලාවට අලෙවි කර ගැනිමට පවා නොහැකි වි තිබෙන බවද සදහන් කළේය.

නියමිත කාලයට අස්වැන්න නෙලා ගැනිමට නොහැකි විම හරහා  ඉදිරි වගා  කන්නය පවා ප්‍රමාද වන බවත් මිට අමතරව ඉදිරියේදි බිජ ගැටළුවකට පවා ගොවින්ට මුහුණූ දිමට සිදුවන බවද පැවසිය.
 

0 comments

Leave a Reply

Post Comment