සියලු ඉන්ධන මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 410කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 470කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 392කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 458කි.
භූමිතෙල් ලිටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 265කි.
Leave a Reply