ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ  (05) පැවැත්විණි.

මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා  ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට  නොලැබෙන  ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීමට කටයුතු කරන ලෙසද  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

 

0 comments

Leave a Reply

Post Comment