අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන්, වැඩිහිටියන් ඇතුළු සියළු ජනතාවට හිතකර පරිසරයක් සැලසීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යාන හිතකර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ඊයේ (3දා) ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
ඒ අනුව රුපියල් මිලියන 100ක වියදමකින් ඉදිකිරීමට නියමිත අනුරාධපුර කුම්බිච්චන්කුලම නවීන ආදර්ශ නගර උද්‍යානය, අවන්හල්, විනෝද උද්‍යානයක්, ළමා උද්‍යානයක්, ක්‍රීඩා පහසුකම් සහ නව්‍ය අංග රැසක් සහිත මහජන උද්‍යානයක් ලෙස සංවර්ධනය කෙරේ.
ලෝකයේ පවතින නව නිර්මාණ මූලාශ්‍රය අනුව මෙම උද්‍යානය නවීන ආදර්ශ නගර උද්‍යානයක් ලෙස ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, අනුරාධපුරයේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා සහ විදේශ සංචාරකයින්ගේ ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස අනුරාධපුර නගරය හා පූජා නගරය පත් කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයන කටයුතුද මෙම ව්‍යාපෘතිය සමඟ සිදු කරන බවද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන්. කරුණාරත්න, උප නගරාධිපති සීතා හේරත්, නාගරික කොමසාරිස් නිශාන්ත රෝයි, නගර සභා මන්ත්‍රීවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, පළාත් සභාවේ නියෝජිතයින්, අනුරාධපුර වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.
Leave a Reply