රුසියානු ෆෙඩරේෂනයේ සෞඛ්‍ය අමාත්‍ය මිඛායිල් මුරෂ්කෝ ( Mikhail Murashko ) මහතා ශ්‍රී ලංකාවේ දින 03 නිල සංචාරයක් සදහා 05/03 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු සමග එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 07 දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ. ඔවුන් 05/03 දින උදෑසන 10.20 ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන , සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

මෙම රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස , විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර , කොළඹ ජාතික රෝහල සහ වෛද්‍ය විද්‍යාලය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය

0 comments

Leave a Reply

Post Comment