මේ වසරේ ජනවාරි 01 වන දින සිට ඊයේ (03) දිනය දක්වා කාලය තුලදි වෙඩි තැබීමේ සිද්ධීන්  76ක් වාර්තා වි තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින්  පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තිබෙන බවද පෙන්වා මිට  අමතරව  පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (03) මාතර කපුගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියකදි  පුද්ගලයෙකු තුවාල ලැබු අතර පෙරේදා (02) අම්බලන්තොට හුංගම, පිංගම ප්‍රදේශයේ  පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේණි.

එහිදි  වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

0 comments

Leave a Reply

Post Comment