මේ වසරේ පළමු මාස 6 තුළ තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.2ක් උපයා ඇති බවත් එයින් රුපියල් කෝටි 500ක් මහා භාණ්ඩාගාරයට දුන් බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
"තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.2ක් පළමු මාස හය තුළ ලාභ ලබලා තියෙනවා. ඒ් කියන්නේ පුරවැසියන් වැඩියෙන් බිලියන 18.2ක් වැඩියෙන් ගෙවලා තිබෙනවා. හැබැයි ඒ්ක පෙරලා ජනතාවට දෙන්න බෑ. පෙරලා ජනතාවට දෙන්න පුළුවන් තෙල් වෙළඳපොළ සී.පී.සී. ඒක සතුව තිබෙනවානම්.
තෙල් වෙළදපොලේ තව තරගකරුවන් ඉන්නවා. තරගකරුවන් ඉන්නවනම් ලාභය ලාභයක් හැටියටම ඒකතු කරන ගන්න වෙනවා. හැබැයි තෙල් සංස්ථාව උපයා ගන්නා ලාභය තෙල් හරහා ජනතාවට දෙන්න බැරිවුණාට වෙන විදිහකට ජනතාවට දෙනවා.
ඒ්ක තමයි අද කෝටි 500ක් අද භාණ්ඩාගාරයට තෙල් සංස්ථාවට ලබාදුන්නා. අපි ඒයින් පුරවැසියන්ට වෙන ආකාරයෙන් දෙනවා. ලිට්රෝ සමාගමත් ලාභයෙන් කොටසක් දෙන්න ඒකඟ වෙලා තිබෙනවා."
Leave a Reply