මෙරට පොල් අපනයන ආදායම  මෙම වර්ෂයේ මුල්මාස හතර තුලදි ( ජන- අප්‍රේල්)  ඇමරිකානු ඩොලර්  මිලියන  185.7 දක්වා සියයට  19.8කින් වැඩිවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.

 2025 වර්ෂයේ මෙම කාලසිමාව තුලදි මෙරට පොල් අපනයන ආදායම ඩොලර් මිලියන  155කි. මෙම වර්ෂයේ අප්‍රේල් මාසය තුලදි පමණක් පොල් අපනයනය කිරිමෙන්  ඩොලර් මිලියන 43.6ක් උපයාගෙන තිබුණි.  මෙම වර්ෂයේ  ජනවාරි පෙබරවාරි මාස දෙක තුලදි දිසිදි පොල්  මෙට්‍රික්ටොන් 6,799ක්. හා පොල්තෙල් මෙට්‍රික්ටොන් 6,548ක් නිෂ්පාදනය කොට  ඇති බවද  මෙම වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම මෙම වර්ෂයේ මුල්මාස දෙක තුල පොල්ගෙඩි නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 133කි.

 

0 comments

Leave a Reply

Post Comment