මාස 11 තුළදී ෆාම් ඔයිල් කිලෝවක මිල දෙගුණයකට වැඩි මුදලකින් ඉහළ යාම නිසා ආහාර සකස් කරන  පිරිස් දැඩි දුෂ්‍කරතාවන්ට පත්ව සිටින බවසමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන්  කරයි.

 පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදි ෆාම් ඔයිල්  කිලෝවක මිල රු.430-රු.450 අතර වූ බවත් මේ වන විට ෆාම් ඔයිල් කිලෝවක මිල රු.940-රු.960 අතර වන බවත් එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේදී පොල් තෙල් හා ෆාම් ඔයිල් මිල සමානව පැවතුණත් මේ වන විට පොල් තෙල් මිලට වඩා ෆාම් ඔයිල් මිල ඉහළ ගොස් තිබෙන බවත් ආපනශාලා සහ අවන්හල්  සැලකීමේදී ආහාර සකස් කිරීම සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ  ෆම් ඔයිල් බවත් හෙතෙම පැවසීය.

 ෆාම් ඔයිල් අඩු මුදලට ලබා දීම සඳහා මෙරට තුළ කටු පොල් වගාව සිදුකිරීමට මීට වසර ගණනාවකට පෙර අවසර ලබාදුන්නත්  ෆාම් ඔයිල් මිල දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මේ නිසා ෆාම් ඔයිල් සුඳහා කඩිනමින් පාලන මිලක් පැනවිය යුතු බවත්  එසේ නොමැති  වුව හොත් ආහාර සකස් කරන පිරිස්වලට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවත් පැවසීය.

 

0 comments

Leave a Reply

Post Comment