වසර 20කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපල සියල්ල යලිත් දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දෙයි.දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක බදු පදනම මත පවත්වාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම නැවත දුම්රිය දෙපාර්තමේන්තුවටම බාරදෙයි. සීල භාවනා වැඩසටහනක් සඳහා ලබාදීම නිසා ගිවිසුම් උල්ලංඝනය කළ බවට තමාට ඉවත්වන ලෙස දැන්වූ බව පදනමේ ලේකම් චාමික ධර්මතිලක කියයි .
පවරාගත් මෙම දේපළ පොල භූමියක් ලෙස භාවිතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීතුෂාරි ජයසිංහ පවසයි
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්‍රික් සම්බන්ධය කරන කමිටුවේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍ර තුශාරී ජයසිංහ මහත්මිය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවතාගෙන යනු ලබන මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ ඒ ආශ්‍රිත භූමිය නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට මසක් වැනි කාලයක් තුළ පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දන්වන ලදි.
ඒ අනුව අද පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම පදනම් ගොඩනැගිලි සහ භූමිය නැවත පවරාදීම එම පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා විසින් සිදු කරන ලදී.
වසර 25 ක පමණ කාලයක සිට නීත්‍යානුකූල ලෙස බදු මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවමින් තමන් විසින් පරිහරණය කළ මෙම දේපලට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලබන සදහම් සුවඳ සීල භාවනා වැඩසටහනට නාවලපිටිය තරුණ බෞද්ධ සංගමයට පුණ්‍ය කටයුත්තක් සඳහා ලබාදීම වෙනුවෙන් අනවසර භාවිතයක් ලෙස දක්වමින් ගිවිසුම් උල්ලංඝනය කළ බවට දුම්රිය සාමාන්‍යධිකාරී විසින් ඉවත්වන ලෙසට දන්නවා තිබූ නියෝගයට ගරු කරමින් අද දින දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම දේපළ භාර දෙන බව එහි ලේකම් චාමික ධර්මතිලක මහතාපවසයි .
එසේම පසුගිය වසර 25 තුළ මහින්දානන්ද අලුත්ගමගේ පදනම මගින් මධ්‍යම පළාත තුළ සමාජ සේවා කටයුතු විශාල ප්‍රමාණයක් සඳහා මෙම ස්ථානයේ භාවිතා කළබවත් ඒ කිසිදුඅවස්ථාවක එමගින් මුදල් ඉපයීමක් සිදු නොකර බවත් එහෙත් මෙම අවස්ථාවේ රජය සමඟ ගැටුමකට නොගොස් මෙය හිමි දුම්රිය දෙපාර්තමේන්තුවට බදු ගිවිසුම 2028 තෙක් තිබියදීම් නැවත භාර දීමට තමන් කටයුතු කරනබවයි.
මෙම අවස්ථාවට සහභාගි පස්බාගේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රණයේ තුශාරි ජයසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියේ දීර්ඝ කාලයක් පුරාවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් අවභාවිතා කළ මෙම දේපළ නැවත හම්බන්ධීකරණ කමිටුවේදී නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුනසේන මහතාගේ මැදිහත් වීමෙන් නැවත දුම්රිය දෙපාර්තමේන්තුවටම ලබා ගැනීමට තම රජයේ කටයුතුකළ බවයි.
ඉදිරියේදී මෙම වටිනා වාණිජ ඉඩම ජනතාවට ප්‍රයෝජනයක් වන පොළ භූමියක් හා වෙනත් ආයතන සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඇය ප්‍රකාශ කර සිටියාය.
Leave a Reply