මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.
සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකිරීම යටතේ මෙම අධිචෝදනා භාර දී තිබේ.
කොළඹ - 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා රු 7 1 399 000 ක්
කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි1 3 999 000 ක්
සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් mercedes benz රථයක් මිලදී ගැනීමට ඒු 3 2 375 000ක්
'හයි හුන්ඩායි' මෝටර් රථයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 55කට අධික මුදලක්
ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා 8 850 000ක් වැය කිරීමට අදාළව හිටපු අමාත්‍යවරයාට මෙම අධි චෝදනා ගොනු කර තිබේ.
වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර බන්ධනාගාර නිලධාරීන් හිටපු අමාත්‍යවරයාව කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නඩුවට ඇප මත මුදා හැරියේය.
කෙසේ වෙතත් අනෙක් නඩුවට අදාළව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර ගත කෙරිණි.
Leave a Reply