පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේ කළමනාකරුවෙක් සහ කළමනාකාරිනියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම වංචාව සම්බන්ධයෙන් එම බැංකුවේ සේවය කළ නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු සහ සැකකාරිනියන්  උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100/= ක මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන තිබිණි.

2020/2023 වසර තුන තුළදී එම වංචාව සිදුකර ඇත. ඒ අනුව  සැකකාර වයස 36 හැවිරිදි  සහකාර  නිලධාරීනිය  බෙක්කේගම පුන්සරාවත්ත පාර  නිවසේදීත්  වයස 37/39 හැවිරිදි  කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනා  වාද්දූව දළදා වත්ත පාර හා පානදුර ශ්‍රී මහා විහාර පාර නිවාසවල දීත් , බණ්ඩාරගම කොළ මැදිරියේ පදිංචි 36 හැවිරිදි සැකකාර කළමනාකරු සහ පානදුර ගොරකපොල පදිංචි 40 හැවිරිදි සැකකාර  කළමනාකාරිනිය  කොටුව පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකරුවන් සහසැකකාරියන් පොදු දේපළ පනත යටතේඅධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  විමර්ශන අංශ (1) පරීක්ෂණ පවත්වයි.

 

0 comments

Leave a Reply

Post Comment