භූ විද්‍යා සම්පත් හා  පතල් කාර්යාංශයේ කොළඹ කාර්යාලයේ නිලධාරින් සහ  අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර නිලධාරින්  එක්ව  අද (24) පොළොන්නරුව 28 කනුව ප්‍රදේශයේ  කලක පටන් නීතීවිරෝධිව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් සහ එහි හිමිකරු  අත්අඩංගුවට ගත් බව භූ විද්‍යා  සම්පත් හා  පතල් කාර්යාංශයේ  නිලධාරින් පවසයි.  

කොළඹ  ප්‍රධාන  භූ විද්‍යා  සම්පත් හා  පතල් කාර්යාංශය වෙත ලබා දුන් තොරතුරක් අනුව එම කාර්යාලයේ නීතිය බල ගැනිවිමේ නිලධාරින් තිදෙනෙකු සහ අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර නිලධාරින් විසින්  වැටලිම සිදු කර  පොළොන්නරුව  28 කනුව ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය නීති විරෝධි වැලි ගබඩාව සහ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ වැලි කියුබ් 200කට වැඩි ප්‍රමාණයක් තිබු බවත් ඒ සදහා කිසිදු අවසර පතක් නොමැති බව භූ විද්‍යා  සම්පත් හා  පතල් කාර්යාංශයේ  නිලධාරින් පවසා සිටි. 

 

 

0 comments

Leave a Reply

Post Comment