2026 වසර සඳහා ජ්‍යෝතීර්වේදීන්ගේ පොදු එකඟතාව හිමි වූ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද (17) උදෑසන මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබිණ.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අතිපූජනීය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේටද, අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජනීය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ අතිපූජනීය නාරම්පනාවේ ආනන්ද අනුනායක මාහිමිපාණන් වහන්සේටද එම නැකැත් සීට්ටුව පිළිගැන්වීම සිදු කෙරිණි.

එම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ පුද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

දිගුකාලීනව විවාදාපන්නව පැවති මෙම කරුණ සාර්ථකව කළමනාකරණය කරමින් මහජනතාව අවිනිශ්චිතතාවයෙන් මුදවා ගැනීමට රජය ගත් පියවර පිළිබඳව මහා සංඝරත්නය විසින් ප්‍රසාදය පළ කළහ.

0 comments

Leave a Reply

Post Comment