ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයට පත්කර ප්‍රශ්න කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුනි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. සැකකරුගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල වශයෙන් මුදල් සංසරණය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවැසීය.

 

0 comments

Leave a Reply

Post Comment