දොඹගහවෙල අලුත්ගෙදර මිරිස්යාය පාර නුගගහකිවුල පදිංචි 52 හැවිරිදි කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් (04) වෙනිදා ගල්ගුහාවක තිබී දොඹගහවෙල පොලීසියට හමුවී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ රතුරාල පුෂ්පා රංජනී නැමති අවිවාහක කාන්තාවකි.මරණකාරිය මීට මාස 08 පෙර ඇයගේ සහෝදරිය සමඟ නුගගහකිවුල නිවසේ පදිංචිව සිට තිබේ.
මරණකරියට මානසික රෝගයක් තිබී ඇති ඇය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව සහෝදරිය වන නැගණිය ඇයගේ නිවාස පිහිටි සියඹලාණ්ඩුව මඩුගම සත්සර නිවසට ගොස් ඇත.
එසේ ගියත් සහෝදරිය දුරකථනයෙන් මරණකාරියගේ සුවදුක් නිතර විමසා තිබේ.මැයි 31 ජූනි 01 සහ 02 සොහොදරිය ඇයට දුරකථනයෙන් කතා කළත් දුරකථනය ක්‍රියාවිරහිත තත්වයේ තිබී ඇත.
පසුව ඇය ඇයගේ අනෙක් සහෝදරිය වන චමිලා සමඟ නුගගහකිවුල මරණකාරියගේ නිවසට පැමිණ තිබේ.නිවසේ ඉදිරිපස දොරඅගුළු දමා තිබුණත් පිටුපස දොර දොර විවෘතව තිබී ඇත.
ඔවුන් දෙදෙනා නිවස තුළට ගොස් බැලීමේදී මරණකාරිය නිදාගන්නා කාමරයේ ඇඳේ කොට්ටේ බිම තිබී ඇති අතර කාමරයේ ඇඳුම්ද බිම වැටී තිබෙනු දැක ඇත.
ඇය පිළිබඳව සොයාබලා තොරතුරක් සොයා ගැනීමට නොහැකිවූ බැවින් දොඹගහවෙල පොලීසියට පැමිණිලිකර තිබේ.
දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති (වැඩබලන) එල්.එච්.එස් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදුකර ඇති අතර ජූනි (04) වෙනිදා ප්‍රදේශවාසීන් සමඟ එක්ව නුගගහකිවුල කැලෑබද කඳු ප්‍රදේශයක් තුළ ගල්ගුහාවක තිබී මරණකාරියගේ යැයි සැක කෙරෙන නිරුවත් මළසිරුර සොයාගෙන ඇත.
යම් පුද්ගලයෙකුගේ මැදිහත්වීමෙන් ගුහාවේ පිවිසුම ගල් සිරකර වසා දමා ඇති බවත් නිරීක්ෂණයවී තිබේ.අතුරුදහන්වූ කාන්තාව 2025 ජනවාරි මාසයේදී බදුල්ලේ සුද්දා නමැත්තාගේ පුතා වන දොඹගහවෙල නුගගහකිවුල පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු විසින් අතවර කිරීම සම්බන්ධයෙන් නඩු කටයුත්තක්ද තිබේ.
ඔහු විසන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති අතර ඔහු ජූනි 02 වෙනිදා සිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භකර ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සියඹලාණ්ඩුව වැඩබලන මහේස්ත්‍රාත් කසුන් හේරත් මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.සී ලල්මාලී මහත්මිය විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.
මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ මහතාගේ උපදෙස් පිට සියඹලාණ්ඩුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ මෙහෙයවීම යටතේ දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති (වැඩබලන) එල්.එච්.එස් සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
Leave a Reply