රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
රජයේ කටයුතු සඳහා පෙර සිදු කළ පරිදි අරමුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන අතර එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට ද බාධාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ද පසුගියදා කටයුතු කළේය.
ඒ අනුව අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අරමුදල් නිදහස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති අතර වැටුප් ගෙවීම, ණය සේවා, විශ්‍රාම වැටුප්, රෝහල් වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි සහනාධාර, වැඩිහිටි මූල්‍ය ආධාර, ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සඳහා මූල්‍ය ආධාර, වකුගඩු රෝගීන්ට මූල්‍ය ආධාර සැපයීම, ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් වූවන්ට ගෙවීමට අයවැයෙන් යෝජනා කර ඇති මූල්‍යාධාර ලබා දීම ඒ අතර වේ.
තවද 5 වසර ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, ත්‍රිපෝෂ වැඩසටහන, ගොවි විශ්‍රාම වැටුප, පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, රණවිරු සහ ආබාධිත රණවිරු දීමනා, රණවිරු මාපිය රැකවරණ දීමනාව, කල් දැමිය නොහැකි විදුලිය, ජලය, ඉන්ධන සහ අත්‍යවශ්‍ය විදුලි සංදේශ සේවා, රෝහල්, බන්ධනාගාර, ආරක්ෂක අංශ සඳහා ආහාර සැපයුම්, නඩත්තු සේවා, ගොඩනැඟිලි කුලී, පිරිසිදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් අනුව ගෙවීම්, සේවක අර්ථ සාධක වැනි ව්‍යවස්ථාපිත ගෙවීම්, පොහොර සහනාධාරය සැපයීම යන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරේ.
මේ අනුව මැතිවරණය වෙනුවෙන් මුදල් වෙන්කිරීමක් ඒ තුළ සඳහන්ව නොමැතිවීම හේතුවෙන් මේ වන විට ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සපයා ගැනීම තවදුරටත් බාධාවක් වී තිබේ.
Deepal Nirosh
02 years 06 months 12 hours 18 minutes 02 seconds agoඡන්දය ජනතාවගේ මූලික අයිතියක්. මැතිවරණ රාජකාරි ප්‍රමුඛ සේවයක්. ඉතින් මේ ජනපතිතුමාගෙ කතාව මැතිවරණයට අත්‍යාවශ්‍ය වියදම් සැපයීමට පිටුවහලක් මිසක බාධාවක් වෙන්නෙ කොහොම ද? ජනපතිතුමා කියන්නෙ කඩිනමින් ඊට අවශ්‍ය අරමුදල් සපයන්න කියල. මහා භාණ්ඩාගාර ලේකම්වරයෙකුට “අ“ යන්න “ආ“යන්න ඉඳලම කියල දෙන්න ඕන ද? හැබැයි මහා භාණ්ඩාගාර ලේකම් මැතිවරණයට අකමැති නම් එයාට පුළුවන් ප්‍රකාශය පළිහක් කරගෙන අරමුදල් සැපයීම අත්සිටුවන්න. හොරාට පෙර කෙහෙල් කැන වැට පනී කියලයි අපට නම් සැක.
ReplyDemuni Uduwara
02 years 06 months 12 hours 18 minutes 09 seconds agoSo-called Democrat !
Reply